Homeදේශීයලංකාවේ වැඩිම මනුෂ්‍ය ඝාතන සිදුව ඇත්තේ 88/89 බව වාර්තාවක්

ලංකාවේ වැඩිම මනුෂ්‍ය ඝාතන සිදුව ඇත්තේ 88/89 බව වාර්තාවක්

1970 සිට 2025 දක්වා එක් එක් වර්ෂය තුළ ශ්‍රී ලංකාවේ සිදුවී ඇති මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව සහ ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව පිළිබඳව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා නොකරන ප්‍රශ්නයකට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල විසින් පිළිතුරු සපයා ඇත.

ඒ අනුව වැඩිම මනුෂ්‍ය ඝාතන සිදුව ඇත්තේ 1988 සහ 1989 වසර වලයි.ඒ පිළිවෙලින් 4173ක් සහ 8127ක් වශයෙනි.
ස්ත්‍රී දූෂණ වැඩිම වාර්තා වී ඇත්තේ 2012 වසරේය ඒ 2012කි.

අඩුම මනුෂ්‍ය ඝාතන සිදුව ඇත්තේ 2017 වසරේ වන අතර එය 452කි.
අඩුම ස්ත්‍රී දුෂණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ 1971 වසරේය.එම ගණන 140කි.

දිවයින තුළ පැවති නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් 1972 වර්ෂයේ දත්ත වාර්තා ලේඛනගතව නොමැති බව සඳහන්.

මෙම වසර පනස් හතර තුළ සිදුව ඇති මුළු මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව 72870කි.මුළු ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව 58744කි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments