Homeදේශීයරනිල්ගෙන් විශේෂ නිවේදනයක්

රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

අසනීප වූ මොහොතේ සොයා බැලූ සියලු දෙනාට හද පිරි කෘතඥතාවය පිරිනමන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ විශේෂ නිවේදනයේ මෙසේද සඳහන් වේ.

අසනීප තත්ත්වය අනාවරණය වීමත් සමගම සුවදුක් විමසමින් සහ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ලැබුණු දුරකථන ඇමතුම්, පණිවිඩ සංඛ්‍යාව අපමණය.

නිරෝගී සුව පතමින් දිවයින පුරා සර්ව ආගමික වතාවත් පැවැත්වීමට ඔබ ගත් ක්‍රියාමාර්ග මගේ සුවිශේෂී ඇගයීමට ලක් වෙයි.

ශ්‍රී ලාංකේය පුරවැසියන් වශයෙන් ඔබ ක්‍රියාවට නැංවූ පියවර ඉක්මන් සුවය ලැබීමට මට මහත් ධෛර්යයක් වූයේය. විශේෂයෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයන් මම වෙනුවෙන් තමන්ට හැකි උපරිමයෙන් උචිත ක්‍රියාමාර්ග ගත් බව දනිමි.

මම වෙනුවෙන් ඔබ දැක්වූ සැලකිල්ල සහ උනන්දුව යළි යළිත් අගය කරමි. ඒ වෙනුවෙන් මගේ හදපිරි කෘතඥතාවය පළ කර සිටින්නෙමි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments