වාර්ෂිකව පවත්වන ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය අතර තුර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊට සහභාගී වී සිටිය දී ප්‍රධාන උත්සව ශාලාවෙන් පිටත වෙඩි තැබීමේ සිදුවීමක් වාර්තා වී තිබේ.
මෙම උත්සව අවස්ථාවට සහභාගී වී සිට ඇති අල්ජසීරා නාලිකාවේ ප්රවෘත්ති අධ්යක්ෂකරවයෙකු එම නාලිකාව සමඟ පවසා ඇත්තේ, තමන්ට වෙඩි හඩ පහක් ඇසුණු බවයි.
ඊට අමතරව වෙඩි බෙහෙත් සුවද ඉතා හොදින් ප්‍රධාන උත්සව ශාලාවේ සිටි තමන්ට දැනුන බවද ඔහු අල්ජසීරා නාලිකාව හා පවසා තිබුණි.
වෙඩි හඩ ඇසුණු සැණින් ආරක්ෂක නිළධාරීන් ට්‍රම්ප් ජනාධිපතිවරයා ආවරණය කර තිබුණු අතර, පසුව ඔහු උත්සව ශාලාවෙන් පිටතට රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.
වෙඩි තැබීමේ සිදු වීමෙන් ට්‍රම්ප් ජනාධිපතිවරයාට හෝ ඔහුගේ කැබිනට් මණ්ඩල සාමාජිකයන් කිසිවෙකුට හානියක් සිදුව නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිදු වීමෙන් මොහොතකට පසුව, ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය යළි ආරම්භ වූ බව පැවසේ.



