පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් මෙන්ම කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ නීතිඥ චමින්ද කුලරත්නගෙන්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කරන ලද දැනුම්දීමකට අනුව එහි ගිය ඔහුගෙන් පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශය සටහන් කරගෙන තිබේ . පත්වීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක විමර්ශනයකට අදාළව මෙම ප්‍රකාශය සටහන් කරගත් බව කොමිසම සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ලෙස ඔහුගේ පත්වීමට අදාලව මෙම ප්‍රශ්ණ කිරීම් සිදුකර ඇත .
කථානායකවරයා විසින් පත්කළ කමිටුවක නිර්දේශ ආනුව නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම් කරන ලද අතර, ඔහු ඊට එරෙහිව අධිකරණය හමුවට ගොස් ඇත .



