කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අප්‍රේල් 1 වැනි දින වන විට විදුලි ගාස්තු වැඩිකිරීම පිළිබඳ තීරණය ප්‍රකාශයට පත්කරන බවයි.
ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ, දෙසැම්බර්, ජනවාරි දත්ත මත පදනම්ව විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව ඉදිරිපත් කර ඇති බවත්, වත්මන් ඉන්ධන මිල වැඩිකිරීම විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු වැඩිකිරීමේ ඉල්ලීමේදී සලකා බලා නොමැති බවත්ය.



