Homeදේශීයආපදා සහන කටයුතු වලින් ඉවත් වෙයි.

ආපදා සහන කටයුතු වලින් ඉවත් වෙයි.

ආපදා සහන කටයුතුවල යෙදී සිටින රාජ්‍ය සේවා නිලධාරීන්ගේ වෘත්තීය සංගම් කිහිපයක් අද සිට එම කටයුතුවලින් ඉවත්ව
වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව, සමස්ත ලංකා ආපදා සහන සේවා වෘත්තීය සංගමය, තාක්ෂණික නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය සහ ග්‍රාම නිලධාරි වෘත්තීය සංගම් එක්ව නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයකින් මේ බව සඳහන් කර ඇත.

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ විස්තීර්ණ ආපදා ව්‍යවසනයෙන් දින 93ක් ඉක්ම ගොස් ඇති අතර, එම කාලය පුරා ආපදා සහන සේවා නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන් දිවා රෑ නොබලා අඛණ්ඩව සේවය කරමින්, රජය හා පීඩාවට පත් ජනතාව අතර ප්‍රමුඛ සම්බන්ධීකාරකවරුන් ලෙස කටයුතු කර ඇති බව සංගම් පෙන්වා දෙයි.

එමෙන්ම, ආපදා කටයුතුවලට අදාළ වන්දි හා ප්‍රතිපූර්ණ ගෙවීම් සඳහා ඇස්තමේන්තු සකස් කිරීමේදී තාක්ෂණික නිලධාරීන් ක්ෂේත්‍ර මට්ටමින් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් සිටින බවද එම නිවේදනයේ සඳහන් වේ.

තමන් ඉටුකර ඇති මෙම දැඩි සේවාවට සාපේක්ෂව පවතින ගැටලු සම්බන්ධයෙන් රජය ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් ඒකාබද්ධ වෘත්තිය ක්‍රියාමාර්ගයකට පිවිසීමට තීරණය කළ බව සංගම් වැඩිදුරටත් අවධාරණය කරයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments