Homeදේශීය96 වන ආනන්ද - නාලන්ද සුලෝහිත සංග්‍රාමය අද

96 වන ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමය අද

ආනන්ද නාලන්ද සුලෝහිත මහා ක්‍රිකට් සංග්‍රාමය අද කොළඹ SSC පිටියේ දී ආරම්භ වෙයි.

තරඟාවලිය මෙවර පැවැත්වෙන්නේ 96 වන වතාවටයි.

දෙවිදුහල් අතර 1924 වසරේදී ආරම්භ වී ඇති මෙම මහ ක්‍රිකට් තරගය මේ දක්වා 95 වරක් පවත්වා තිබෙනවා.

මේ දක්වා පවත්වා ඇති මහා ක්‍රිකට් තරඟ අතුරින් ආනන්ද විද්‍යාලය අවස්ථා 12කදී තරඟ ජයග්‍රහණය කර ඇති අතර කොළඹ නාලන්දා විද්‍යාලය අවස්ථා 7කදී තරඟ ජයග්‍රහණය කර ඇත.

සුලෝහිත සංග්‍රාමය 2022 වසරේ පැවැති තරඟය ජය ගැනීමට නාලන්ද විද්‍යාලය සමත් වුණා.

ඒ දිනෙත් සමරවික්‍රමගේ නායකත්වය යටතේයි.

නාලන්ද විද්‍යාලය එම ජයග්‍රහණයට හිමිකම් කියනු ලැබුවේ වසර 69කට පසුවයි.

ආනන්ද විදුහල අවසන් වතාවට සුලෝහිත සංග්‍රාමය ජයගෙන ඇත්තේ මින් වසර 23 කට පෙර එනම් 2003 වසරේදී දුමින්ද කුලරත්නගේ නායකත්වය යටතේයි.

මෙවර ආනන්ද විද්‍යාල කණ්ඩායමේ නායකත්වය කිත්ම විදානපතිරණ ලබාදෙනවා.

ඔසද හෙට්ටිආරච්චිගේ නාලන්ද විද්‍යාල කණ්ඩායම මෙහෙයවනු ලබනවා.

මෙවර සුලෝහිත සංග්‍රාමයට පැමිණෙන ආනන්ද විද්‍යාලයේ කණ්ඩායම – කිත්ම විදානපතිරණ (නායක), නෙතුල එදිරිමාන්න (උප නායක), ආශිංස නයිනායක, බිනර ඉඳුවර, දෙනෙත් බිම්සර, මිෂික අබේවර්ධන, විශ්ව වරාගොඩ, ශාරද ජයරත්න, ඔවින් පෙරේරා, රෂාන් විජේරත්න, හිමිර කුඩාගම, දනිරු රණසිංහ, චමත්ක ඉරුෂ, දසිත් බටුගහගේ, නිලෙත් සුලීව්, තිනුර මාකෙවිට, ලිත්ම පෙරේරා, දනිඳු සෙල්ලප්පෙරුම, ජනදීප් ඔකාෂ්, කැලුම් ප්‍රනාන්දු මහතා (ප්‍රධාන පුහුණුකරු), ධරන්ත මෙනෙරිගම මහතා (සහාය පුහුණුකරු), ලක්ෂාන් හේවගේ මහතා (සහාය පුහුණුකරු) සහ හසල සංකල්ප මහතා (භෞතචිකිත්සක)

මෙවර සුලෝහිත සංග්‍රාමයට පැමිණෙන නාලන්ද විද්‍යාල කණ්ඩායම – ඔසද හෙට්ටිආරච්චි (නායක), නදුල් ජයලත්, නෙමිඳු අක්මීමන, සන්තුල් විජේරත්න, මල්ෂ ප්‍රනාන්දු, හසිත් රත්නායක, රන්මිත් සේනාරත්න, මිහින් සොයිසා, ගෙවිඳු මනම්පේරි, ඔමිත් රත්නායක, මෙතුක පෙරේරා, ගයුක හේරත්, දුනාල් සෙන්දනායක, දුනිත රණසිංහ, ලිතුම් විජේකුමාර, සහස් ගොඩගේ, තිවිරු රණසිංහ, සදෙව් විජේස්කර, නුවන් සොයිසා මහතා (ප්‍රධාන පුහුණුකරු), නිමන්ත පීරිස් මහතා (සහාය පුහුණුකරු)

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments