Homeදේශීයසෑම බදාදාම කන්ටේනර් ගැන තේරීම් කාරක සභාව රැස්වෙයි.

සෑම බදාදාම කන්ටේනර් ගැන තේරීම් කාරක සභාව රැස්වෙයි.

බහාලුම් 323 ක් පරීක්ෂාවකින් තොරව කොළඹ වරායෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩගෙන් මූලික කරුණු විමසීමක් කර ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ බහාලුම් පැමිණීම, ඒවා රඳවා තැබීම සහ පිට කිරීමේ යාන්ත්‍රණය පිළිබඳව මෙහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කරුණු විමසා තොරතුරු ලබා ගැනීමක් කළ බවය.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මීළඟට කැඳවන නිලධාරීන් කවුදැයි විශේෂ කාරක සභාවේ මීළඟ රැස්වීමේ තීරණය කිරීමට නියමිතය.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සෑම බදාදා දිනකම රැස්වී මාස තුනකදී විමර්ශන කටයුතු අවසන් කිරීමට එම කාරක සභාව තීරණය කර ඇත.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments