පුරප්පාඩුව පවතින විගණකාධිපති ධූරය සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කර යවා ඇතැයි වාර්තා වේ.
හෙට දිනයේ දී ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත අතර ජනාධිපතිවරයා විසින් යෝජනා කර එවා ඇති නම පිළිබදව එහිදී තීරණයක් ගනු ඇත.
මීට පෙර අවස්ථා හතරකදී ජනාධිපතිවරයා විසින් විගණකාධිපති ධූරය සදහා ව්‍යවස්ථාදායක සභාවට නාම යෝජනා ඉදිරිපත් කර තිබුණු අතර, එම අවස්ථා හතරේදීම ව්‍යවස්ථාදායක සභාව එම නම් ප්‍රතික්ෂේප කර තිබුණි.
විගණකාධිපති ධූරය සදහා, මීට පෙර වැඩ බලන විගණකාධිපතිවරයා ලෙස වැඩ කළ ධර්මපාල ගම්මන්පිල මහතා පත් කරන ලෙස මල්වතු අස්ගිරි මහ නාහිමිවරු ඇතුළු මහා සංඝරත්නය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණි.
නමුත් ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කර ඇත්තේ වෙනත් නමක් බව වාර්තා වේ.



