මෑතක පත් කෙරුණු සිවිල් සමාජ නියෝජිතයින්ගේ ද සහභාගීත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් පැවැත්විණ.
කෙසේවෙතත්, කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී මාස ගණනාවක් තිස්සේ පුරප්පාඩුව පවතින විගණකාධිපති ධුරය සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ. ඒ අද දින න්‍යය පත්‍රයට එම කාරණය ඇතුලත් නොවීම නිසාය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජ නියෝජිතයින් ලෙස මහාචාර්ය වසන්තා සෙනවිරත්න, ඔස්ටින් ප්‍රනාන්දු සහ රංජිත් ආරියරත්න පසුගියදා පත්කෙරුණේ අග්‍රාමාත්‍යවරියගේ සහ විපක්ෂනායකවරයාගේ එකඟතාවයෙනි.
මේ අතර, හිටපු විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න විශ්‍රාම යාමෙන් පසු පසුගිය වසරේ අප්‍රේල් මස 08 වනදා සිට පුරප්පාඩුව පවතින විගණකාධිපති ධුරය සදහා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨම නිළධාරියා වන ධර්මපාල ගම්මන්පිල පත් කිරීම සුදුසු බව දන්වමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකර ඇත.
එහි දැක්වෙන්නේ විගණකාධිපති ධුරය වැනි මූල්‍ය පාලනයේ විනිවිදභාවය තහවුරු කිරීමේ වගකීම් සම්භාරයක් පවතින තනතුරුක් සදහා විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් පරිබාහිර නිලධාරියෙකු පත්කිරීම යෝග්‍ය නොවන බවයි.



