Homeදේශීයචමින්ද IPU සහ CPA යන්න ලෑස්තිද

චමින්ද IPU සහ CPA යන්න ලෑස්තිද

වැඩ තහනමට ලක් කෙරුණු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න, තමාට බලවත් අසාධාරණයක් සිදුවූ බව පවසමින් අන්තර්ජාතික සංවිධාන හතරකට පැමිණිලි කිරීමට කටයුතු කරගෙන යන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ලංකාදීපය’ වාර්තා කරයි.

එම වාර්තාවට අනුව, මෙසේ පැමිණිලි කිරීමට යන්නේ අන්තර් පාර්ලිමේන්තු සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලිිය පාර්ලිමේන්තු සංගමය, පාර්ලිමේන්තු මහලේකම්වරුන්ගේ ජාත්‍යන්තර සංසදය, සහ ජිනීවා මානව හිමිකම් කොමිසම යන ආයතනවලටය.

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ දෙවැනි ජ්‍යෙෂ්ඨම නිලධරයා වන තමන්ට එරෙහිව චෝදනාවක් ඇත්නම් නම් ඒ පිළිබඳව මූලික පරීක්ෂණයක් කැඳවා තමන්ටද කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් හිමි විය යුතුව තිබූ නමුත්, එසේ නොකර එක්වරම වැඩ තහනම් කිරීමෙන් ස්වාභාවික යුක්ති මූලධර්ම පවා කථානායකවරයා කඩකර ඇති බව එම පැමිණිලිවල සඳහන් වන බව දැනගන්නට ඇත.

දිවයිනේ සිටින ප්‍රවිණතම ජනාධිපති නීතිඥ මඩුල්ලක් කුලරත්න වෙනුවෙන්මෙම පැමිණිලි සකස් කරමින් සිටින බව දැනගන්නට ඇත.

අන්තර්ජාතික සංවිධානවලට පැමිණිලි කිරීමට අමතරව මෙරට අභියාචනාධිකරණයෙහි මීට අදාලව නඩුවක් ගොනුකිරීමටද එම නීතිඥ පිරිස කටයුතු කරමින් සිටින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments