Homeදේශීයජාතික ඖෂධ නියාමන අධිකාරියේ රසායනාගාරය

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ රසායනාගාරය

ඉකුත් වසර දහයකට අධික කාලයක් මුළුල්ලේම ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සතු රසායනාගාරයට අවශ්‍ය ඖෂධ විශ්ලේෂකයන් බඳවා නොගැනීම හේතුවෙන් ප්‍රමිතිය පිළිබඳ ගැටලු සහිත ඖෂධ මෙරටට ලැබුණු බව එම අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියට අයත් රසායනාගාරයේ ඖෂධ පරීක්ෂණ කටයුතු සඳහා ඖෂධ විශ්ලේෂකයන් 45ක් සිටිය යුතු බවද ඉකුත් වසර 10ක කාලය පුරා සිටියේ විශ්ලේෂකයන් එකළොස්දෙනකු පමණක් යැයිද ඔහු හෙළි කළේය. තවද මෙය වසර 30ක් පැරණි රසායනාගාරයකි.

ඖෂධ මාෆියාවේ බලපෑම් හෝ වෙනත් හේතූන් මත රසායානාගාරයට අත්‍යවශ්‍ය ඖෂධ විශ්ලේෂකයන් බඳවා ගැනීම් පිළිබඳව කිසිදු රජයක් උනන්දු නොවූ බවත් එම තීරණය ගත යුත්තේ පාලකයන් විසින් බවත් විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේය. කෙසේ වෙතත් ඉකුත් වසරේ දී ගත් තීරණයන්ට අනුව මේ වන විට රසායනාගාරයට අවශ්‍ය ඖෂධ විශ්ලේෂකයන් බඳවාගත් බවත් ඒ අනුව මෙරටට ගෙන්වන ඖෂධ පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් ඔහු සඳහන් කරයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments