Homeදේශීයහර්ෂ අනුරට යැවූ ලිපිය.

හර්ෂ අනුරට යැවූ ලිපිය.

රට තීරණාත්මක ආපදාවකට මුහුණ දී සිටින අවස්ථාවක, විගණකාධිපති තනතුර පසුගිය වසරේ දෙසැම්බර් 07 වැනිදා සිට පුරප්පාඩු වී තිබීමත්, ඒ හමුවේ විගණන සේවා කොමිසමට සභාපතිවරයෙකු නොමැති වීමත් ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය කර ඇති ආකාරය දන්වමින් රජයේ මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තිය අනුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු බවත්, එය ක්‍රියාත්මක වීම සඳහා ස්වාධීන විගණන යාන්ත්‍රණයක් අවශ්‍ය බවත් පෙන්වා දෙන ආචාර්ය හර්ෂ ද සිල්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වන වගන්තියට අනුව පත්වන විගණකාධිපතිවරයා විසින් රාජ්‍ය ආයතන විගණනය කර ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කරන බව සිහි කරයි.මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වා දෙන්නේ විගණකාධිපති ධුරය පුරප්පාඩු වීම නිසා මෙම අනිවාර්යය ව්‍යවස්ථාපිත ක්‍රියාවලියට බාධා සිදුවන බවය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments