අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කර ගැනීම, සමාජ අර්ථික හා දේශපාලන ක්‍රියාකාරම් හේතුවෙන් අගතියට පත් වන පුරවැසියන්ගේ අයිතීන් රැකගැනීම සඳහා ‘නිදහස් නීතිඥයෝ’ සංවිධානය කොළඹ දී සිය සමාරම්භක උත්සවය ජනවාරි 24 දින පැවැත්වීමට නියමිතය.
ගංවතුර හා නායයාම් හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම, නීතියේ ආධිපත්‍ය රැකගැනිම, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඇතුළු කේෂ්ත්‍ර රැසකට මේ වන විට Free Lawyers සංවිධාන ක්‍රියාත්මකය.
දිවයිනේ සියළුම උසාවි ආවරණය වන පරිදි ඉතා පුළුල් සාමාජිකත්ව පදනමක් සහිතව Free Lawyers සංවිධානය ක්‍රියාත්මක ය.
වත්මන් ආණ්ඩුව විසින් සිදුකරන කටයුතු හේතුවෙන් විනිසුරුවරුන් සහ නීතිඥයින් බලවත් පීඩාවකට පත්ව ඇති බවත්,වෙනදා යුක්තිය පතා ජනතාව විනිසුරුවන් ඉදිරියට ගිය ද, අද විනිසුරුවරුන්ට තමන්ගේ රැකියාව, වෘත්තිය අතියිවාසිකම් පවා අහිමිවී ඇති බවත් Free Lawyers සංවිධානය ආරම්භ කර මින් නිවේදනය කර තිබුණි.
නීතිඥවරුන්ගේ ගරුත්වයට රාජ්‍ය ආයතන මගින් ද, දේශපාලනඥයින් විසින් ද දිගින් දිගටම බලපෑම් කරන බවත්, අභිමානයෙන් යුතුව වෘත්තීය කර ගෙන යාමට අවශ්‍ය පරිසරය අද වන විට අහිමිව ඇතැයි ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් Free Lawyers සංවිධානය අරඹමින් අදහස් දක්වා තිබුණි.
වෘත්තීය නීතිඥවරුන් ලෙස අපට පුරවැසියන් පීඩාවට පත් වූ විට ඒ වෙනුවෙන් පෙනී සිටීමට සමාජ වගකීමක් තිබෙනවා. අප එම වගකීම ඉටු කිරීමට කිසිදු ලෙසකින් හෝ පසුබට වන්නේ නෑ. දැනටමත් අප රට පුරා දේශපාලන හා පරිපාලන හේතු මත පීඩාවට පත් කරනු ලැබූ පුද්ගලයින්ට නීති සහාය ලබා දෙනවා යැයි සංවිධානයේ ප්‍රකාශකයෙකු පැවසීය.



