Homeදේශීයසේවකයෝ දෙසැම්බර් 29 මන්ත්‍රීවරු ජනවාරි 06

සේවකයෝ දෙසැම්බර් 29 මන්ත්‍රීවරු ජනවාරි 06

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දින 17ක් නිවාඩුවක්ද, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා දින දෙකක නිවාඩුවක් ලබා දී තිබෙනවා .

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පරිපුරක ඇස්තමේන්තුව 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එම විවාදය 19 දිනද පවත්වා මෙම පරිපූරක ඇස්තමේන්තුව අනුමත කර ගනු ලැබුවා .

ඉන් අනතුරුව ජනවාරි 06 වනදා උදෑසන 9.30 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමටයි කටයුතු කර ඇත්තේ .

ඒ අනුව, කථානායකවරයාගේ අනුමැතිය පරිදි පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය සඳහා දෙසැම්බර් 22 වනදා හා 23 වනදා විශේෂ නිවාඩුවක් ලබා දී ඇති අතර ඒ පිළිබඳව විශේෂ චක්‍රලේඛයක් මගින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල වෙත දැනුම් දී තිබෙනවා .

මෙම නිවාඩුවෙන් පසුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය යළි රාජකාරි කටයුතු ආරම්භ කරනු ලබන්නේ දෙසැම්බර් 29 වන සඳුදා දිනයේදීයි

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments