කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කර ඇත.
විනය පරීක්ෂණයකට යටත්ව මෙම වැඩ තහනම් කිරීම සිදුකර තිබෙන අතර ඔහු සම්බන්ධව විධිමත් විනය පරීක්ෂණයක් ඉදිරියේදී පවත්වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය යටතේ ඔහු වෙත යවන ලද ලිපියේ සඳහන්වේ.
වගකිවයුතු තනතුරක් දරණ රජයේ වෛද්‍ය නිලධාරියෙකු වශයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වන ආකාරයෙන් සහ මහජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇති වන ආකාරයෙන් කටයුතු කරමින් අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත ප්‍රකාශ සිදුකර ඇති බව එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.



