Homeදේශීයරනිල්ගේ පිටු 200 පොත ප්‍රසිද්ධ කරන්න

රනිල්ගේ පිටු 200 පොත ප්‍රසිද්ධ කරන්න

2023 වසරේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සකස් කරන ලදැයි කියන, පිටු දෙසීයක පමණ ආපදා වැඩසටහනක් ප්‍රසිද්ධියට පත් කළ යුතු බව වජිර අබේවර්ධන මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, දේශීය හා ජාත්‍යන්තර ආයතන සමඟ ඒකාබද්ධව සකස් කළ එම සැලැස්මේ, 2023 සිට 2030 දක්වා ශ්‍රී ලංකාව ආපදාවලින් ගැලවෙන සහ මහජනයා ආරක්ෂා කරන ආකාරය ඇතුළු සියලුම කාරණාවලට විසඳුම් අන්තර්ගතව ඇති බවයි.

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වජිර අබේවර්ධන මහතා කියා සිටියේ, වත්මන් ආණ්ඩුව පෙර සූදානමක් කළ බවට ප්‍රකාශ කළත්, සැබවින්ම ඔවුන් ප්‍රකාශ කළ පරිදි පෙර සූදානම සිදුවී ඇත්දැයි පරීක්ෂා කිරීම වැදගත් බවයි.

මේ අතර, ආපදා තත්ත්වය කළමනාකරණය කිරීමේදී රජයේ යාන්ත්‍රණය අකාර්යක්ෂම වී ඇති බවට චෝදනා කරන වජිර අබේවර්ධන මහතා, මියගිය සත්ත්ව හා මානව සංඛ්‍යාව පිළිබඳ නිවැරදි දත්ත වහාම ලබා දිය යුතු බව අවධාරණය කළා.

මේ වන විට බිත්තර දමන කුකුළන් ලක්ෂ 30ක් පමණ මුහුදට ගසාගෙන ගොස් ඇති බවත්, සියලු සතුන් ලක්ෂ 100කට කිට්ටු සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඔහු පැවසුවා.

රට තුළ ග්‍රාම නිලධාරී 14,022ක්, සංවර්ධන නිලධාරීන් 17,000ක්, කෘෂි පර්යේෂණ නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඇතුළු විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා කියා සිටියේ, මෙම යාන්ත්‍රණයට පැය 72ක් වැනි කෙටි කාලයකදී මියගිය සංඛ්‍යාව නිවැරදිව ප්‍රකාශ කිරීමට හැකියාව තිබිය යුතු බවයි.

මෙම ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණය නිවැරදිව භාවිතා කිරීමෙන් නිවැරදි තොරතුරු පැය කිහිපයකින් රටට ලබා දිය හැකි බවට පැවසූ ඔහු උදාහරණයක් ලෙස 2004 සුනාමිය සිහිපත් කළා.

“2004, සුනාමි ආවා. දෙසැම්බර් 26වැනිදා. 28, 29 වෙනකොට නිවේදනය කරා 42,000ක් පමණ මිය ගිහිල්ලාා තියෙනවා කියලා. ඉතාම ශක්තිමත් රාජ්‍යාන්ත්‍රණයක් තියෙනවා. එය ශක්තිමත්ව භාවිතා කරාම නිවැරදි තොරතුරු පැය කිහිපයකින් ශ්‍රී ලංකාවටත් මේ තත්ත්වෙට මුහුණ දුන් පවුල්වලටත් දැනුවත් කරන්න පුළුවන්කම තිබෙනවා.”

මියගිය විශාල සත්ත්ව හා මානව ප්‍රමාණයක් නිසියාකාරව අවසන් කටයුතු නොකළහොත් විශාල වසංගත තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන බවට ඔහු පවසනවා.

Acc ජීවත් වන මහජනයාට සහනයක් ලැබීම සඳහා සෞඛ්‍ය පද්ධතිය ඇතුළු සියලු රාජ්‍ය යාන්ත්‍රණය එකමුතුව, එක් කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බවද වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් අවධාරණය කළා.aqxx zzz aqz

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments