Homeදේශීයනාවික හමුදාවට 75යි.

නාවික හමුදාවට 75යි.

ශ්‍රී ලංකා නාවික හමුදාව අද සිය 75 වැනි සංවත්සරය සමරනු ලබයි.

මෙම සැමරුමට සමගාමීව කොළඹ කොටුවේ පිහිටි නාවික හමුදා මුලස්ථානය අකුරේගොඩ ආරක්ෂක මුලස්ථාන පරිශ්‍රයේ ස්ථානගත කරනු ඇත.

ඒ අනුව මින් ඉදිරියට අකුරේගොඩ පරිශ්‍රය ආරක්ෂක අමාත්‍යංශය සහ ත්‍රිවිධ හමුදාවන්ගේ මුලස්ථානය ලෙස ක්‍රියාත්මක වනු ඇත.

අදින් පසු පැරණි නාවික හමුදා මුලස්ථාන පරිශ්‍රය නාවික සම්බන්ධිකරණ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් ප්‍රකාශ කරයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments