Homeදේශීයවිපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට හදිසි කැඳවීමක්

විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට හදිසි කැඳවීමක්

වර්තමාන ආණ්ඩුවේ දෙවෙනි අයවැය පිළිබඳව සහ අයවැයට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද විශේෂ වැඩමුළුවකට කැඳවා තිබෙනවා.

අද සවස 2 ට කොළඹ දී මෙම වැඩමුළුව පැවැත්වෙන බවයි සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළේ.

රටේ ආර්ථිකය, අයවැය සහ රටේ අනාගතය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන මෙම වැඩමුළුවේදී විද්වතුන් කිහිප දෙනෙකු විසින්ම විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට සහභාගි වීම සඳහා වැදගත් වන කරුණු රැසකින් විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් සන්නද්ධ කිරීමේ අරමුණින් මෙම වැඩමුළුව පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කරනවා.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ඉන්දියාවේ සංචාරයක නිරත වන නිසා සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් අනුව මෙම වැඩමුළුව පැවැත්වෙන බවත් මේ සඳහා විරුද්ධ පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2026 සඳහා වන අයවැය හෙට සවස 1.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments