Homeක්‍රීඩාසෆියා යාමික් ත්‍රිත්ව රන් පදක්කම් දිනාගනී.

සෆියා යාමික් ත්‍රිත්ව රන් පදක්කම් දිනාගනී.

ඉන්දියාවේ රංචිහිදී පැවැත්වෙන 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද පැවති කාන්තා මීටර් 200 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සෆියා යාමික් සමත් වුණා.

ඇය තප්පර 23.58කින් සිය ඉසව්ව අවසන් කරමින් නව තරග වාර්තාවක් පිහිටුවනු ලැබුවා.

එහිදී ඇය බිඳ හෙළණු ලැබුවේ මීට වසර 27කට පෙර 1998 වසරේ දී ඉන්දියාවේ P.T ඌෂා පිහිටුවා තිබූ තරග වාර්තාවයි.

එමෙන්ම ඇය දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩිකාව බවට පත් වෙමින් මීටර් 100 කාන්තා රන් පදක්කමත්, මීටර් 4×100 සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කමත් මීට පෙර දිනාගත්තා.

මීටර් 100 කාන්තා රන් පදක්කම දිනා ගනිමින් ඇය වාර්තා කළ කාලය තප්පර 11.53ක්.

කාන්තා තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තත්පර 44.70කින් සිය ඉසව්ව අවසන්කර රන් පදක්කම දිනාගත්තා.

ඒ අනුව මෙම ශූරතාවලියේදී ත්‍රිත්ව රන් පදක්කම් දිනා ගැනීමට සෆියා යාමික් සමත් විය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments