Homeදේශීයශ්‍රී ලංකා රේගුව මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ එක් දිනක් තුල රැස් කළ...

ශ්‍රී ලංකා රේගුව මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ එක් දිනක් තුල රැස් කළ ඉහළම බදු ආදායම

ශ්‍රී ලංකා රේගුව ඊයේ (15) දින මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ එක් දිනක් තුල රැස් කළ ඉහළම බදු ආදායම ලෙසින් රු. මිලියන 24,918 ක් රැස් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පසුව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ, මින් මෙර නිකුත් කළ නිවේදනයේ සඳහන් කළ බදු ආදායම් අගය ගැන සිදුවූ අතපසුවීම සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කරන බවයි.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, මේ සමග 2025 වසර සඳහා රේගුව විසින් මේ දක්වා එකතු කර ඇති මුළු ආදායම රුපියල් බිලියන 1.867 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව, රේගු දෙපාර්තමේන්තුව සිය වාර්ෂික ඉලක්කය වන රුපියල් බිලියන 2.115 ඉක්මවා යාමට මනා අවස්ථාවක් පවතින බව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

ශ්‍රී ලංකා රේගුව මින්පෙර නිකුත් කළ නිවේදනයේ සඳහන් වුණේ, ඊයේ දිනයේදී රුපියල් මිලියන 2,470 (රු.බිලියන 2.47) ක ආදායමක් එකතු කර ඇති බවයි.

කෙසේ නමුත් එම නිවේදනයේ සඳහන් කළ අගය නිවැරදි නොවන බවත්, නිවැරදි ආදායම රු. මිලියන 24,918 ක් බවත් සඳහන් කරමින් රේගු දෙපාර්තමේන්තුව යළි නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments