ශ්‍රී ලංකාවේ සංචාරය කරන තම පුරවැසියන්ට වඩාත් සැලකිලිමත් වන ලෙසට සහ ආරක්ෂිත පියවර ගන්නා ලෙසට ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නව සංචාරක උපදේශනයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික හා දේශපාලන තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි නොසන්සුන්තා, ත්‍රස්තවාදය සහ බිම් බෝම්බ අවදානම පිළිබඳව මෙම උපදේශනය මගින් වැඩි අවධානයක් යොමු කර ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන තත්ත්වය සම්බන්ධ විරෝධතා ඕනෑම මොහොතක ඇති විය හැකි බවත්, ත්‍රස්තවාදී ප්‍රහාර ද සුළු හෝ අනතුරු ඇඟවීමකින් තොරව සිදුවිය හැකි බවත් රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
විරෝධතා සහ පෙළපාලි අවදානම විරෝධතා සහ පෙළපාලි සුළු හෝ අනතුරු ඇඟවීමකින් තොරව ප්‍රචණ්ඩකාරී තත්ත්වයට පත්විය හැකි අතර, විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් භාවිත කර ඇති අවස්ථා පිළිබඳව ඇමෙරිකානු පුරවැසියන් දැනුවත් කරයි. ඒ අනුව, සාමකාමී ඒවා ඇතුළුව සියලුම රැස්වීම් සහ පෙළපාලිවලින් වැළකී සිටින ලෙස සංචාරකයන්ට උපදෙස් දී ඇත.
ත්‍රස්තවාදී ප්‍රහාර සහ බිම් බෝම්බ අවදානම ත්‍රස්තවාදී ප්‍රහාර ශ්‍රී ලංකාවේ සිදුව ඇති අතර, ඒවා සුළු හෝ අනතුරු ඇඟවීමකින් තොරව එල්ල විය හැකි බවත්, හෝටල්, ප්‍රවාහන මධ්‍යස්ථාන, සංචාරක ස්ථාන සහ ආගමික ස්ථාන ඇතුළු පොදු ස්ථාන ත්රස්තවාදීන්ගේ ඉලක්ක විය හැකි බවත් රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
තවද, ශ්‍රී ලංකාවේ වර්ග කිලෝමීටර 23 ක පමණ ප්‍රදේශයක සිවිල් යුද්ධයෙන් ඉතිරි වූ බිම් බෝම්බ තවමත් පවතින අතර, වැඩිම අවදානම උතුරු පළාතේ උතුරු දිස්ත්‍රික්කවල පවතියි. අවදානම් සහිත ප්‍රදේශ ජාත්‍යන්තර බිම් බෝම්බ සංකේතය සහිත අනතුරු ඇඟවීමේ සංඥා මගින් සලකුණු කර ඇති බැවින්, උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල හොඳින් භාවිත කරන ලද මාර්ගවලින් බැහැරව ගමන් කිරීමෙන් වළකින ලෙස උපදෙස් දී ඇත.
සංචාරකයන් සඳහා වෙනත් උපදෙස් සංචාරකයන් ගමන් කිරීමේදී තම වටපිටාව පිළිබඳ අවධානයෙන් සිටින ලෙසටත්, දේශීය බලධාරීන්ගේ උපදෙස් පිළිපදින ලෙසටත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිර්දේශ කරයි. හදිසි අවස්ථාවකදී යාවත්කාලීන තොරතුරු ලබා ගැනීම සඳහා Smart Traveler Enrollment Program (STEP) වැඩසටහනේ ලියාපදිංචි වන ලෙසද, ගමන් කිරීමට පෙර සංචාරක රක්ෂණයක් මිලදී ගැනීම නිර්දේශ කරන බවද එම උපදේශනයේ වැඩිදුරටත් සඳහන් වේ. අවසාන වශයෙන්, ඇමෙරිකානු රජයට ඇතැම් දුරස්ථ ප්‍රදේශවල සිටින තම පුරවැසියන්ට හදිසි සේවා සැපයීමේ හැකියාව සීමා වී ඇති බවද රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.
මේ අතර, ඇමෙරිකානු තානාපතිනිය ශ්‍රී ලංකා රජය හම්බන්තොට වරාය තුළ චීන සිනොපෙක් සමාගම විසින් සිදු කිරීමට නියමිත ඩොලර් බිලියන 3.7ක තෙල් පිරිපහදුව ආරම්භ කිරීමේ කටයුතු අත්හිටුවීම සඳහා තිරය පිටුපස විශාල උත්සාහයක් දරමින් සිටින බව වාර්තා වේ. මෙය මෑත කාලයේ ලංකාවට ලැබුණු දැවැන්තම විදේශ ආයෝජනය ලෙස සැලකේ.
ආරම්භයේදී, ලංකාව විසින් ලබාදී තිබූ 20%ක ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බවත්, එය 40%ක් දක්වා ඉහළ නැංවිය යුතු බවත් සිනොපෙක් සමාගම විසින් දැනුම් දී තිබීම නිසා මෙම ආයෝජන කටයුතු ආරම්භ කිරීම ප්‍රමාද විය. නමුත් මේ වනවිට ආණ්ඩුව තීරණය කොට ඇත්තේ චීන සිනොපෙක් සමාගමේ ඉල්ලීම පරිදි ඔවුන්ගේ ඉන්ධන බෙදාහැරීමේ කෝටාව 40% දක්වා ඉහළ නැංවීමටය. ඒ අනුව සිනොපෙක් සමාගම නුදුරු දිනෙකදීම හම්බන්තොට තෙල් පිරිපහදුව ඉදිකිරීමේ වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිතය.
කෙසේ වෙතත්, මෙම චීන පිරිපහදුව ඉදිකිරීමේ කටයුතු නැවැත්වීම සඳහා ඇමෙරිකානු තානාපතිනිය දරන උත්සාහය පිටුපස ඇමරිකානු රජයේ ඉහළ බලවතෙක් සිටින බවත්, එය කාල්පීය වශයෙන් ඇමරිකානු බලය යලිත් ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කර ගැනීමේ උත්සාහයක් බවත් වැඩිදුරටත් වාර්තා වේ. මෙවැනි භූ දේශපාලන ගැටුම්කාරී පසුබිමක් තුළ අගමැති හරිනි අමරසූරිය මෙනවියගේ ඉන්දීය සහ චීන සංචාරයන්හි ප්‍රතිඵල දෙස බොහෝ දෙනා අවධානයෙන් පසුවෙති.