Homeදේශීයරංග දිසානායකගේ පත්වීම ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමේ සූදානමක්.

රංග දිසානායකගේ පත්වීම ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමේ සූදානමක්.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් රංග දිසානායක මහතාගේ පත්වීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය අදින් ඇරඹෙන සතියේ පාර්ලිමේන්තුවේදී දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇතැයි ලංකාදීප පුවත්පත වාර්තා කරනවා.

කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ, රංග දිසානායක මහතා පත් කිරීමට අනුමැතිය ලබා දී ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා යන මහත්වරුන් නියෝජනය කරන ව්‍යවස්ථා සභාව මගින් බවයි.

එබැවින් මෙම ප්‍රකාශය සැලකිල්ලට ගනිමින්, එම පත් කිරීම පිළිබඳව තමන්ගේ කරුණු දැක්වීම සඳහා සමගි ජන බලවේගය බලාපොරොත්තු වන බවට ආරංචි මාර්ග සඳහන් කරනු ඇතැයි ලංකාදීප පුවත්පත වාර්තා කළා.

මීට අමතරව, රංග දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ නීති අංශයේ කටයුතු කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායකයකු වන නන්දන ගුණතිලක මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද මේ වන විට සමාජයේ ආන්දෝලනයක් මතුව තිබෙනවා.

කෙසේ වෙතත් නන්දන ගුණතිලක මහතා විසින් සිදුකළ එම ප්‍රකාශය දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ රංග දිසානායක මහතා, තමා ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ කෙනෙක් නම්, විනිසුරුවරයෙක් ලෙසටවත් සුදුසු නොවන බවට 02 වැනිදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අවධාරණය කර තිබුණා.

කෙසේ වෙතත් තමාට එරෙහිව දේශපාලනඥයන් ඇතුළු විවිධ පාර්ශ්වයන් විසින් එල්ල කරන ලද චෝදනා රංග දිසානායක මහතා විසින් දැඩිව ප්‍රතික්ෂේප කළ අතර, මෙම ක්‍රියාවන් කොමිසමේ විමර්ශන කටයුතුවලට බාධා කිරීමේ සංවිධානාත්මක උත්සාහයක් බවට චෝදනා කළා.

මෙම චෝදනා සත්‍ය නම්, ඔහු කළ යුත්තේ මාධ්‍යයට නොගොස්, අදාළ ලේඛන සහිතව අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිල්ලක් කිරීම බව ඔහු නන්දන ගුණතිලක මහතාට අභියෝග කළා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments