Homeදේශීයබස්නාහිර ටිකට් නොදෙන බස් කොන්දොස්තරලට වෙන දේ

බස්නාහිර ටිකට් නොදෙන බස් කොන්දොස්තරලට වෙන දේ

මගීන්ට ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බස්නාහිර පළාතේ බස් කොන්දොස්තරවරුන්ගේ සේවය අත්හිටුවීමට පියවරගෙන ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරයි.

ඉකුත් 03 වැනිදා සිට මේ ක්‍රියාමාර්ගය ගෙන තිබෙන බවත් ඒ අනුව ප්‍රවේශපත්‍ර ලබා නොදීමේ වරදට හසුවන ​පෞද්ගලික බස් කොන්දොස්තරවරුන්ට පළමු අදියර යටතේ දින තුනක සේවය අත්හිටුවීමක් සිදුකරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ පැවසීය.

මීට අමතරව එම කොන්දොස්තරවරුන්ගෙන් රුපියල් හත්සිය පනහක (750) ගාස්තුවක් අයකරගෙන විශේෂිත පාඨමාලාවකට යොමුකරන බවද සභාපතිවරයා කීවේය.

මේ අතර ඔක්තෝබර් 01 වැනිදා සිට ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බස් රථ වැටලීම් ආරම්භ කළ අතර පළමු දිනයේදී ප්‍රවේශපත්‍ර නොදුන් බස් 22කට එරෙහිව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවරගෙන තිබේ.

වැටලීමේ දෙවැනි දිනයේදී එවැනි බස් රථ 11කට එරෙහිව ක්‍රියාමාර්ග ගෙන ඇත.

තවද බස්නාහිර පළාතේ මෙම වැටලීම් අඛණ්ඩව සිදුකරන බවද සභාපතිවරයා කීවේය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments