Homeදේශීයකොච්චර බාධක ආවත් ගංගාව මුහුදට ගලාගෙන යනවම තමයි

කොච්චර බාධක ආවත් ගංගාව මුහුදට ගලාගෙන යනවම තමයි

ජාතිවාදය යනු විනාශය කැඳවන්නක් බවත් ජනතාවගේ වෙනස්කම් දරාගැනීමෙන් සාමය සහ එකමුතුකම ගොඩනගාගැනීමට හැකිවන බවත් වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඩ් සාෆිගේ දියණිය වන ෂයිනාබ් සාෆි ප්‍රකාශ කළා.

ඒ, වෛද්‍ය සාෆිගේ දියණිය ඇතුළු පවුලේ සාමාජිකයන් ජාතිවාදයට මුහුණදුන් ආකාරය රැගත් ප්‍රවීණ මාධ්‍යවේදී සුරංග සේනානායක මහතා විසින් රචිත, “රන්දෝණි” නම් වූ කෘතිය එළිදැක්වීමේ උත්සව අවස්ථාවට එක්වෙමින්.

තමන් මේ වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පළමු වසර ශිෂ්‍යාවක් ලෙස අධ්‍යාපනය ලබන බව පැවසූ සාෆිගේ දියණිය තමන් ඒ බව නිහතමානීව කියා සිටින බව එහිදී අවධාරණය කළා.

අසීරුකම් හමුවේ පෞද්ගලිකව මුහුණ දුන් අභියෝග සාර්ථකව ජයගත් බවට පෙන්වාදුන් ඇය කියා සිටියේ, මෙම පොත තමන් ගැන ලියවුණු පොතක් පමණක් නොවන බවත්, එය සත්‍යය, දරාගැනීම සහ විශ්වාසය පිළිබඳ ලියවුණු පොතක් බවයි.

එමෙන්ම තමන්ගේ දෙමාපියන්ගේ මනුෂ්‍යත්වය සහ මෙරට එකිනෙකට වෙනස් ජනවර්ග අතර සාමය ගැන තමන් විශ්වාස කළ බව ෂයිනාබ් සාෆි පවසනවා.

එහිදී එච්. එම්. කුඩලිගම විසින් ලියූ ‘ගංගාවේ සංගීතය’ පද්‍ය පන්තියෙ, කවියක් නිදසුනකට ගෙන ෂයිනාබ් සාෆි “කොච්චර බාධක ආවත් ගංගාව මුහුදට ගලාගෙන යනවම තමයි, ජීවිතයත් ඒ වගේ තමයි ගංගාවක් වගේ.” යනුවෙන් පවසා අසීරු කාලවලදී තමන් වෙනුවෙන් පෙනී සිටි සියලු දෙනාටම ඇය ස්තූතිය පළ කළා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments