Homeදේශීයවිශ්ව විද්‍යාල ආචාර්‍යවරු අද වර්ජනයක.

විශ්ව විද්‍යාල ආචාර්‍යවරු අද වර්ජනයක.

විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු විසඳීමට රජය මෙතෙක් අපොහොසත් වීම හේතුවෙන් අද (30) වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වන බව විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

එහි ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මේ බව සඳහන් කළා.

ආණ්ඩුව බලයට පත්වී වසරක කාලයක් ගතවී ඇති නමුත් තවමත් රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඇති අර්බුදවලට විසඳුමක් ලැබී නොමැති බව ද සඳහන් කර සිටි ඉලංගසිංහ මහතා අද වනවිට රාජ්‍ය අධ්‍යාපනය කඩා වැටීමේ බරපතළ අර්බුදයකට මුහුණදෙමින් සිටින බව ද පැවසුවා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හිඟය මේ වනවිට බරපතළ තත්ත්වයක පවතින බවත්, පසුගිය වසර තුළ පමණක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ආචාර්යවරු 200ක පමණ පිරිසක් පිටවී ගොස් ඇතැයිද ඉලංගසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments