Homeදේශීයහොංකොං, ශ්‍රී ලංකාව, චිලී සහ බංග්ලාදේශය ‘කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වයකට

හොංකොං, ශ්‍රී ලංකාව, චිලී සහ බංග්ලාදේශය ‘කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වයකට

හොංකොං, ශ්‍රී ලංකාව, චිලී සහ බංග්ලාදේශය ලොව විශාලතම වෙළඳ කණ්ඩායම වන චීනයේ පිටුබලය ලත් ‘කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වයකට’ එක්වීමට සූදානම් වන බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

එම හවුල්කාරීත්ව සන්ධානය දැනට චීනය, ජපානය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ සාමාජිකයන් දසදෙනාගෙන් සමන්විත වේ.

කෙසේවෙතත් මෙම සතියේ මැලේසියාවේ පැවැත්වෙන ආසියාන් සමුළුවේ වෙළඳ හා ආර්ථික අමාත්‍යවරුන්ගේ රැස්වීමකට සමගාමීව රැස්වන කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වයේ නිලධාරීන් පැවසුවේ, නව අයැදුම්කරුවන් පිළිගැනීම සම්බන්ධයෙන් විරෝධතා කිහිපයක් එල්ල වී ඇති බවයි.

එහෙත් එම රටවල් හතර සමූහයට ගෙනඒම සඳහා කටයුතු කරන බව ද ඔවුන් පවසා තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දුනීසියානු වෙළඳ උප අමාත්‍ය ඩයහ් රෝරෝ එස්ටි විද්‍යා පුත්‍රි ක්වාලාලම්පූර් හිදී වාර්තාකරුවන්ට පැවසුවේ, කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වයට සම්බන්ධ වීමට කැමති ඕනෑම රටකට සහාය දෙන බවයි.

මැලේසියාවේ වෙළඳ අමාත්‍ය ටෙන්කු සෆ්රුල් අසීස් පැවසුවේ, නව සාමාජිකයින් පිළිබඳ ඕනෑම තීරණයක් ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන එම කණ්ඩායමේ නායකයින්ගේ හමුවේදී සාකච්ඡා කරන බවයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments