ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රකාශයට පත් කළ නවතම විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 7 වන ස්ථානය දක්වා එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබෙනවා.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයේදී බංග්ලාදේශයට එරෙහිව ලැබූ ජයග්‍රහණයත් සමඟ මෙලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ අනුව 7 වන ස්ථානයේ රැදී සිටි පාකිස්තාන කණ්ඩායමට 8 වන ස්ථානය දක්වා පියවරක් පසුබැසීමට සිදුව තිබෙනවා.
වත්මන් ශ්‍රේණිගත කිරීම අනුව ඉන්දීය කණ්ඩායම තවමත් අංක එක රැකගෙන සිටිනවා.
එහි දෙවන ස්ථානය ඔස්ට්‍රේලියාවටත්, තෙවන ස්ථානය එංගලන්තයටත් හිමිව තිබෙනවා.