ආරක්ෂක නියෝජ්‍ය ඇමැති විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වන දෙවැනි වාර්තාවක් ද කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් ලේකම් මණ්ඩලයෙන් කැඳවනු ලැබ ඇත.
එම විශ්වාසභංග යෝජනාවට අදාළව පවතින නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් ලේකම් මණ්ඩලය මුලින් සකස් කළ වාර්තාව භාරගෙන ඇති කථානායකවරයා එම කරුණුවලට අමතර කරුණු ඇතුළත් සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙස දන්වා තිබේ.
දෙවැනි වාර්තාවක් සකස් කෙරෙන්නේ ඒ අනුව වන අතර එම වාර්තාව සකස් කිරීම සඳහා ලේකම් මණ්ඩලය ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුළු රටවල පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කිරීම පිළිබඳව කරුණු අධ්‍යයනය කරමින් සිටියි. මෙරට මෙන්ම එම රටවල ද නියෝජ්‍ය ඇමැතිවරයකුට එරෙහිව හෝ ඇමැතිවරයකුට එරෙහිව හෝ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ හැකි ද නොහැකි ද යන්න සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් නොමැති බව එම සොයා බැලීමේ දී අනාවරණය වී තිබේ. කෙසේ වුව ද ඉන්දියාවේ උප ජනාධිපතිවරයකුට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බව හෙළි වී ඇත. එරට උප ජනාධිපතිවරයා යනු උත්තර මන්ත්‍රි මණ්ඩලයේ සභාපතිවරයා ය.
ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වන තීරණය කථානායකවරයා ලබන මස 9 වැනිදා ආරම්භ වන පාර්ලිමේන්තු සතියේ දී ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් උද්ගතව ඇත්තේ මීට පෙර නියෝජ්‍ය ඇමැතිවරයකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්ව නොතිබීම බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.