Homeදේශීයපාස්කු මහමොළකරු ගැන මෛත්‍රී කියද්දී අනුර රදගුරු සමුළුව හමුවෙයි

පාස්කු මහමොළකරු ගැන මෛත්‍රී කියද්දී අනුර රදගුරු සමුළුව හමුවෙයි

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුදැයි එදා සිට මේ දක්වා සෑම ආණ්ඩුවකම ප්‍රධානීන් දන්නා බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

ඔහු පැවසුවේ එසේ දැනගෙන සිටියත් මහමොළකරු සමග සටන් කිරීමට හැකියාවක් ශ්‍රී ලංකාවට නොමැති බවයි.

කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති උත්සවයක් අමතමින් සිරිසේන මහතා මේ බව කියාසිටියා.

මෙය සිදු වු අයුරු තමා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පවසා තිබෙන නමුත් එය ප්‍රසිද්ධියේ පැවසිමට කිසිම කෙනෙකුට නොහැකි බව හිටපු ජනපතිවරයා සඳහන් කළා. මම නම් මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියලා තියෙනවා මේ සිද්ධ වෙච්ච දේ කොහොමද සිද්ධ වුණේ කියලා. නමුත් ඒක කාටත් එළියේ කියන්න බැරිකම තමා තියෙන්නෙ. මහමොළකාරයා හොයන්න දැඟළුවාට ඔය හැම කෙනාම මහමොළකාරයා කවුද කියලා දන්නවා. මහමොළකාරයා කවුද කියලා හැම ආණ්ඩුවකම අයත් දන්නවා, හමුදාවල අයත් දන්නවා, බුද්ධි අංශවල අයත් දන්නවා. නමුත් මහමොළකාරයා කොහෙද ඉන්නෙ කියලා කිව්වාට, මහමොළකාරයාත් එක්ක අපිට සටන් කරන්න පුළුවන්කමක් නැහැ.”

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ සහ කතෝලික රදගුරු සම්මේලනය ජනාධිපති කාර්යාලයේදී ‌ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.
වසරකට තෙවතාවක් පැවැත්වෙන කතෝලික රදගුරු සම්මේලනයේදී සාකච්ඡා වූ මූලික කරුණු පිළිබඳව මෙහිදී කාදිනල් හිමිපාණන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇත. එසේම, කතෝලික සභාවේදී මතු වූ අදහස් සහ යෝජනා පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති හැරල්ඩ් ඇන්තනී පෙරේරා රදගුරුතුමා සහ එම සම්මේලනයේ සාමාජිකයෝද එක්ව සිටියහ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments