ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාව පිළිබඳව කථානායකවරයා සිය මතය අද දිනයේ පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරන බව මාධ්‍ය වාර්තා කර තිබේ.
පක්ෂ නායකයින් කැඳවා කිසිදු සාකච්ඡාවක් සිදු නොකර,පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවද කැඳවීමකින් තොරව අද දිනයේ හිතුවක්කාරී ලෙස සිය මතය ප්‍රකාශ කරනු ලැබුවහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට විපක්ෂයේ පක්ෂ නායකයින් තීරණය කර තිබේ.
හෙට දිනයේ ඇතිවන තත්ත්වය සලකා බලා පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට ගරු නොකරමින් කථානායකවරයා කටයුතු කරනු ලබන්නේ නම් ඔහුට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමට විපක්ෂයේ පක්ෂ නායකයින් තීරණය කර ඇතැයි සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පැවසීය.



