Homeදේශීයවත්මන් අර්බුද වලින් මිදීමට රජයට ආගමික නායකයින්ගේ යෝජනා මාලාවක්

වත්මන් අර්බුද වලින් මිදීමට රජයට ආගමික නායකයින්ගේ යෝජනා මාලාවක්

වත්මන් අර්බුද වලින් මිදීමට ආගමික නායකයින්ගේ යෝජනා මාලාවක් රජයට භාරදීමට සූදානම් වේ. මේ බව ප්‍රකාශ කළේ ධර්මශක්ති සංවිධානය, ජාතික සාම මණ්ඩලය හා කොළඹ දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව ඒකාබද්ධව
පවත්වනු ලැබූ මාධ්‍ය හමුවකදීය.

මෙම මාධ්‍ය හමුව ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.

මෙම මාධ්‍ය හමුවේදී,

  1. සංචාරක වීසා වලින් පැමිණෙන සංචාරකයන් ව්‍යාපාරවල යෙදීම හා ආගමික ස්ථාන ඇරඹීම.
  2. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා ඉතිහාසය සෞන්දර්ය විශයන් පිලිබද ගැටළුව.
  3. වන අලි සංහාරය.
  4. ජාතික හා ආගමික සහජීවනය සදහා තිරසාර රාජ්‍ය ආයතනයක අවශ්‍යතාවය.
  5. පාතාලය හා මත්ද්‍රව්‍ය මර්ධනය.
    යන මාතෘකා සම්බන්ධයෙන් ආගමික නායකයින් අදහස් පළ කළහ. මෙහිදී
    ගාල්ලේ පියනන්ද ස්වාමීන් වහන්සේ – විධායක සභික ධර්මශක්ති පදනම
    ජෝ කුරේ පියතුමා – සමාජ හා සාමයික කේන්ද්‍රයේ පරිපාලක
    ශිව ශ්‍රී ශිව දර්ශක ෂර්මා කුරුක්කල්තුමා – සමස්ත ලංකා හින්දු කොංග්‍රසයේ ප්‍රධාන පූජක
    මුන්සීෆ් තාවුස් – තන්වීර් අධ්‍යාපන ආයතනයේ කතිකාචාර්‍ය.
    ධර්මශක්ති සංවිධානයේ විධායක ලේකම් – අනුර පෙරේරා පියතුමා යන නායකයින් අදහස් පල කළහ.

ජාතික සාම මණ්ඩලයේ පූර්ණ මැදිහත්වීමෙන් මෙම වැඩසටහන පවත්වන ලදී.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments