Homeදේශීයරබර් ඉඩම් සිතියම්ගත කිරීමේ ඩිජිටල් පද්ධතියක්

රබර් ඉඩම් සිතියම්ගත කිරීමේ ඩිජිටල් පද්ධතියක්

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත රබර් සඳහා ප්‍රධාන වෙළෙඳපොළක් වන යුරෝපා සංගමයට අයත් රටවල් වෙත රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමේදී අනුගත විය යුතු නව රෙගුලාසි (EUDR) යුරෝපා සංගමය විසින් හඳුන්වා දී තිබෙනවා.

රබර් සැපයුම්දාමයන් වනාන්තර විනාශයට දායක නොවන බව සහතික කිරීම සඳහා වන එම නව රෙගුලාසි සඳහා ශ්‍රී ලංකාව ද 2025‑12‑31 දිනෙන් පසුව අනුගත විය යුතු වනවා.

ඒ අනුව, රබර් සැපයුම්දාමයන් වනාන්තර විනාශයට දායක නොවන බව සහතික කිරීමට හැකි වන පරිදි රබර් ඉඩම් සිතියම්ගත කිරීමේ ඩිජිටල් පද්ධතියක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය මඟින් රට පුරා පිහිටි කුඩා රබර් වතු හිමියන්ගේ රබර් ඉඩම් වෙන් වෙන්ව භූ ඛණ්ඩාංකගත කිරීම සහ නව්‍ය භූගෝලීය තොරතුරු පද්ධති තාක්ෂණය (GIS) යොදා ගනිමින් ඉඩම් අයිතිය හා භාවිතය පිළිබඳ සවිස්තරාත්මක මෙන්ම සත්‍යාපනය කළ හැකි දත්ත පද්ධතියක් නිර්මාණය කිරීම සිදු කරනු ඇති.

ඒ අනුව, රබර් ඉඩම් සිතියම්ගත කිරීම/ලියාපදිංචි කිරීම සඳහා ඩිජිටල් පද්ධතියක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments