Homeදේශීයසබරිමලෛ අයියප්පන් කෝවිල පිළිගත් පූජනීය වන්දනා ගමනක්

සබරිමලෛ අයියප්පන් කෝවිල පිළිගත් පූජනීය වන්දනා ගමනක්

හින්දු බැතිමතුන් විසින් වාර්ෂිකව ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පිහිටි සබරිමලෛ අයියප්පන් කෝවිලට සිදු කරනු ලබන වන්දනා ගමන ශ්‍රී ලංකා රජය විසින් පිළිගත් පූජනීය වන්දනා ගමනක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලාංකික හින්දු බැතිමතුන් විසින් සෑම වසරක ම නොවැම්බර් මස 01 වන දා සිට ඊළඟ වසරේ ජනවාරි මස 31 වන දා දක්වා කාලය තුළ ඉන්දියාවේ කේරළයේ සුප්‍රසිද්ධ සබරිමලෛ අයියප්පන් කෝවිල වන්දනා කරනු ලබනවා.

මේ වන විට වාර්ෂිකව ශ්‍රී ලාංකික බැතිමතුන් 15,000කට අධික සංඛ්‍යාවක් සහභාගී වන අධ්‍යාත්මික වන්දනා ගමනක් බවට මෙය පත්ව තිබෙනවා.

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments