Homeදේශීයකතානායක පොළොන්නරු ගිහින් විශ්වාසභංගය හෙට

කතානායක පොළොන්නරු ගිහින් විශ්වාසභංගය හෙට

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහි සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය ඉදිරිපත් කරන ඒකාබද්ධ විශ්වාසභංග යෝජනාව භාරදීම හෙට දක්වා කල් දමා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත්.පී.පෙරේරා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ, හෙට දහවල් මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලයේදී කතානායකවරයාට භාර දීමට නියමිත බවයි.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද කතානායකට භාර දෙන බව සමගි ජන බලවේගය මීට පෙර ප්‍රකාශ කළ නමුත් අද දිනයේ කතානායකවරයා පොළොන්නරුව ප්‍රදේශයේ කිසියම් කටයුත්තක් සඳහා සහභාගි වී ඇති බැවින් හෙට දිනයේ ඒ සඳහා දින ලබාදී ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments