Homeදේශීයරතන හිමි කෝ

රතන හිමි කෝ

2025 අගෝස්තු 7 වන දින රාත්‍රියේ, කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCD) නිලධාරීන් රාජගිරියේ සඳහම් සෙවණේ රතන හිමියන්ගේ පන්සලට පැමිණියහ. රතන හිමියන් අත් අඩංගුවට ගැනිම ඉලක්කය විය. නමුත් භික්ෂුව කොතැනකවත් සොයාගත නොහැකි විය. ඔහුගේ ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර තිබිණි. විමර්ශන අංශ කීවේ රතන හිමියන් හිතාමතාම සැඟවී සිටින බවය. වේදිනිගම හිමියන් පැහැර ගැනීමට සම්බන්ධ යැයි කියන පුද්ගලයින් දෙදෙනෙකු විමර්ශකයින් දැනටමත් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් එක්කෙනෙක් හිටපු භික්ෂුවකි. හේ පූජ්‍ය කටුවන නන්දසීහ නමින් පැවිදි කාලයේ දී හඳුන්වා තිබිණි. 35 හැවිරිදිය. හේ දැන් උපවැදි ගිහියෙකි. පැහැර ගැනීම සිදු වූ අවස්ථාවේ රතන හිමියන් සහ සැකකරුවන් අතර අසාමාන්‍ය සන්නිවේදන රටා ජංගම දුරකථන විශ්ලේෂණයෙන් පෙන්නුම් කරන බව විමර්ශන අංශ තහවුරු කළේය. පොලිස් පරීක්ෂණවලට අනුව, එවකට අපේ ජන බල පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන යාම සහ බිය ගැන්වීමට රතන හිමියන් සම්බන්ධ බවට බරපතල සැකයක් මතු වි තිබිණි. චෝදනා එල්ල වී ඇති සිද්ධිය වාර්තා වන්නේ 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ටික කලකට පසුවය.

විමලතිස්ස හිමියන් කියා සිටින්නේ තමන්ව බලහත්කාරයෙන් තුවක්කුව පෙන්වා පැහැර ගෙන ගොස් හිස් ලියකියවිලි කිහිපයකට අත්සන් කිරීමට බල කළ බවය.රතන හිමියන්ගේ නම ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් සඳහා ඉදිරිපත් කිරීමට මග පෑදුනේ තමන්ට මරණ බිය ඇති කර ලබා ගත් අත්සනින් බව වේදිනිගම හිමියෝ කීහ. පාර්ලිමේන්තු මැතිවරණයෙන් අපේ ජන බල පක්ෂයට හිමිවූ එකම පාර්ලිමේන්තු ආසනය බෙදා ගැනීමට නොහැකිව දැඩි අභ්‍යන්තර බල අරගලයක් නිර්මාණය වී තිබුණු අතර මේ ප්‍රකාශ වී තිබුණේ ඒ අලජ්ජී හැසිරීම නිරුවතය. කෙසේ වෙතත් අපේ ජන බල පක්ෂය යනුම මේ දේශපාලනයේ නිර්දය විකෘතිය කියා පෑ අවස්ථාවක් විය. එහි නායකත්වය දැරුවේ රටේ කුප්‍රකට අපරාධ චෝදනා ලබූ පුද්ගලයෙකි. සමන් පෙරේරා නැමැති මේ පුද්ගලයා 2024/ 01/02 දින බෙලි අත්තේ දී වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments