Homeදේශීයදේශබන්දු ගැන අවසන් තීරණයට සජබ පක්ෂයි,පොදුජන පෙරමුණ ඡන්දය දීමෙන් වළකී.

දේශබන්දු ගැන අවසන් තීරණයට සජබ පක්ෂයි,පොදුජන පෙරමුණ ඡන්දය දීමෙන් වළකී.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව පාර්ලිමේන්තුවේ දී අද විවාදයට ගැනේ
යෝජනාව සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම පස්වරු 5.30ට පැවැත්වීමට නියමිත අතර එම ඡන්ද විමසීම සඳහා ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට සහභාගී වන ලෙස දැනුම් දී ඇත.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධූරයෙන් ඉවත්කිරීමේ යෝජනාවට පක්ෂව ඡන්දය දීමට සමගි ජන බලවේගය තීරණය කර ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක පැවසීය.

සජබ පාර්ලිමේන්තු කණ්ඩායම යෝජනාවට පක්ෂව ඡන්දය දීමට තීරණය කර ඇති බව පවසා ඇත.

“පොලිස්පති ලෙස තෙන්නකෝන් පත්කිරීමට විරුද්ධ වූයේ අපියි. ඔහුගේ පත්වීමට එරෙහිව අපි අධිකරණයට ගියා. ඒ නිසා, මෙම යෝජනාවට පක්ෂව ඡන්දය දීම සුදුසු බව අපි තීරණය කළා” ඔහු සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසා ඇත්තේ, පක්ෂය මේ සම්බන්ධයෙන් නිල ස්ථාවරයක් ගෙන නොමැති බවයි.

“අපගේ පාර්ලිමේන්තු කණ්ඩායම ඒ පිළිබඳව නියම වේලාවට තීරණය කරයි” ඔහු පවසා තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් හරි අඩක් එනම් මන්ත්‍රීවරුන් 113ක් ඡන්දය ප්‍රකාශ කිරීම මගින් මෙම යෝජනාව සම්මත කර ගැනීමට හැකියාව හිමි වේ.

යෝජනාව සම්මත වූ බවට කථානායකවරයා සිදුකරන දැනුම්දීමෙන් පසු ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධුරය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නමක් නිර්දේශ කිරීමට නියමිතය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments