Homeදේශීයආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව විශ්වාසභංගයක්.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව විශ්වාසභංගයක්.

රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සවස රැස් වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගත් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන කටයුතු සාධාරණව සිදු කරගෙන යාම සඳහා අරුණ ජයසේකර මහතා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධූරය දැරීම බාධාවක් බවත් පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී අරුණ ජයසේකර මහතා නැගෙනහිර පළාත් ආඥාපතිවරයා වශයෙන් කටයුතු කිරීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවත් එම මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙන ලදී.

මීට අමතරව තවත් කාරණා කිහිපයක් සැලකිල්ලට ගෙන මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඒ කෙටුම්පත් කිරීම පිළිබඳව හෙට විපක්ෂයේ පක්ෂ නායකයින් සමග විපක්ෂ නායක සාකච්ඡා කරන බවත් මේ සඳහා විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේද ජනතා නියෝජිතයින්ගේ සහය ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments