Homeදේශීයපනස් දෙනකුට අඩු පාසල්වල හතළිස් හතර දහසක් සිසුන් සිටින බව හෙළිවෙයි

පනස් දෙනකුට අඩු පාසල්වල හතළිස් හතර දහසක් සිසුන් සිටින බව හෙළිවෙයි

සිසුන් පනස් දෙනකුට අඩු පාසල්වල හතළිස් හතර දහසක් සිසුන් සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශය කළ සොයා බැලීමක දී අනාවරණය වී තිබේ. ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විධිමත් ලෙස කළ සොයා බැලීම අවසන් වීමටත් පෙර එවැනි පාසල් තිස්පහක් වැසී ගොස් තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසීය.

20ට අඩු පාසල් 406ක්

මෙලෙස වැසී ගොස් තිබෙන්නේ එක් සිසුවෙක් හෝ සිසුන් දෙන්නෙක් සිටින පාසල් වන අතර ඒවායේ සිටි සිසුන් වෙනත් පාසල්වලට ඇතුළත් කිරීමට පළාත් අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් සිසුන් පනහට අඩු පාසල් සංඛ්‍යාව විසිපහක් යැයි ද ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.

එම වාර්තාවට අනුව 2023 වසරේ එකම ළමයෙක්වත් ඇතුළත් නොවූ පාසල් සංඛ්‍යාව 98ක් වෙයි. සිසුන් 10ට අඩු පාසල් 115ක් පවතින අතර සිසුන් 20ට අඩු පාසල් සංඛ්‍යාව 406කි. සමස්තයක් ලෙස සිසුන් පනහට අඩු පාසල් සංඛ්‍යාව 1506කි.

මෙම පාසල් සම්බන්ධයෙන් විධිමත් ලෙස සොයා බැලීමට අමාත්‍යාංශය පියවර ගත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඒ පිළිබඳ වාර්තාවක් කැඳවීම නිසා ය. එම වාර්තාව මේ වන විට ජනාධිපතිවරයාට භාර දී තිබෙන අතර සමස්තයක් වශයෙන් මෙම පාසල්වලට අදාළව පවතින තත්ත්වයද පැහැදිලි කර තිබේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments