පෞද්ගලික ආයතනයක් සතු දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ 36කට බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමති වසන්ත සමරසිංහ, කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන අයගෙන් ප්‍රකාශ සටහන් කර උදෘත ගොනු කරන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ. ඩී. චතුරිකා ද සිල්වා අද කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට නියෝග කළාය.
විමර්ශනයේදී අනාවරණය කරගත් ලේඛන වන ගොඩනැගිල්ලේ සහතික කරන ලද ඔප්පුවේ පිටපතක්, 2017 වර්ෂයේ සැප්තැම්බර් මස 3 වන දින අදාළ ආයතනයේ වෘත්තීය සමිතියේ සභාපති ලෙසට වසන්න සමරසිංහට බලය පැවරූ මහ සභා රැස්වීම් වාර්තා, අංක 166 සහ 206, 207 දරණ බදු ඔප්පුවල සහතික කරන ලද පිටපත් මෙන්ම ප්‍රශ්නගත දේපොළ භාරකාරත්වය සම්බන්ධයෙන් කඩුවෙල දිසා අධිකරණයේ, ගල්කිස්ස දිසා අධිකරණයේ සහා සිවිල් අභියාචනාධිකරණයේ පැවති නඩු කටයුතුවලට අදාළ සම්පූර්ණ නඩු වාර්තාවල පිටපත් වැඩිදුර වාර්තාවක් මඟින් කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් ද සහතික කරන ලද අමතර ලේඛන 35ක් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
ඒ අනුව ලබන අගෝස්තු මස 22 වනදා නැවත මෙම නඩුව කැඳවීමට නියමිතය.