Homeදේශීයසමාගම්(සංශෝධන) පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය

සමාගම්(සංශෝධන) පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය

ලබන 23 වැනිදා පාර්ලිමේන්තුවේදී දෙවනවර කියවීමේ විවාදයට ගැනීමට නියමිත සමාගම්(සංශෝධන) පනත් කෙටුම්පත පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සළකා බැලීමෙන් අනතුරුව අනුමතිය හිමිවිය.

ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.

වෙළඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් මෙම කාරක සභා රැස්වීමට එක්ව සිටියහ.

සමාගම්වල හැසිරීම, ක්‍රියාකාරීත්වය සහ වෙනත් අවශ්‍යතා සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති ප්‍රධාන නීතිය වන 2007 අංක 07 දරන සමාගම් පනත සංශෝධන කිරීම මෙම සංශෝධන පනත් කෙටුම්පත මගින් සිදුවන බව පැමිණ සිටි නිලධාරීහු පෙන්වා දුන්හ. “නෛතික පුද්ගලයන්ගේ අවසන් ප්‍රතිලාභී හිමිකාරීත්වය හදුනාගැනීම” පිළිබඳ සංකල්පය තුළින් ශ්‍රී ලංකාවේ සමාගම් නීතියෙහි පවතින හිඩැස් කිහිපයක් පියවා ගැනීමත් ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සඳහාත් අවශ්‍ය සංශෝධන මේ අනුව සිදුකෙරේ.

එසේම සෑම රටක්ම තම මූල්‍ය පද්ධතිය මුදල් විශුද්ධිකරුවන්ගෙන් සහ ත්‍රස්තවාදයට මුදල් සපයන්නන්ගෙන් ආරක්ෂා කර ගැනීම උදෙසා මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ ගෝලීය ප්‍රතිපත්ති සකස් කරන ප්‍රධාන ආයතනය වන “මූල්‍ය කාර්ය සාධක බලකාය” විසින් (FATF) නිර්දේශ ඉදිරිපත් කරනු ලබයි. ඒ අනුව මෙම සංශෝධන පනත් කෙටුම්පත මගින් මූල්‍ය කාර්ය සාධක බලකායේ නිර්දේශ අංක 40 ක්‍රියාත්මක වන බව ද නිලධාරීහු මෙහිදී පැවසුහ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments