ශ්රී ලංකාව සමඟ පැවති තුන්වැනි සහ අවසන් 20යි 20 තරගය කඩුලු 8කින් ජයගැනීමත් සමඟ ශ්රී ලංකාවට එරෙහිව පළමුවරට 20යි 20 තරගාවලියක් ජයක් ලබන්නට බංග්ලාදේශ කණ්ඩායමට හැකිවුණි.
තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 132ක් ලෙස සටහන් වුණි.
ලකුණු 133ක ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 3කදී කඩුළු 2ක් පමණක් දැවී අදාල ඉලක්කය සපුරා ගත්තා.
ශ්රී ලංකාවේ සියලුම බලාපොරොත්තු බිඳ දමමින් සුපිරි පිතිහරඹයක නිරත වූ ටැන්සිඩ් හසන් නොදැවී ලකුණු 73ක් රැස්කළේය.



