වෙඩි වැදීමක් හේතුවෙන් අසාධ්‍යයව, දින ගණනාවක් පුරාවට ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා අද උදෑසන මියගොස් තිබෙනවා.
මෙම හස්තියා සොයාගනු ලැබුවේ මහව-පොල්පිතිගම ප්‍රදේශයේ වතුර වළක වැටී සිටියදීයි.
ඒ අනුව අඛණ්ඩව දින කිහිපයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය අශෝක දන්ගොල්ල මහතාගේ අධීක්ෂණය යටතේ, නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකය මඟින් හස්තියාට ප්‍රතිකාර කෙරුණා.
එලෙස ප්‍රතිකාර ලබන අතරතුරදීයි, මෙම සත්ත්වයා අද පෙරවරුවේ මියගොස් ඇති බවට වාර්තා වූයේ.
බරපතළ තත්ත්වයෙන් පසුවූ හස්තියා, එතෙක් සිටි ඉරියව්ව මාරු කිරීමට ද ඊයේ කටයුතු කෙරුණා.
ඒ, පශු වෛද්‍යවරුන් සහ වනජීවී නිලධාරීන්ගේ සේ ම ආරක්ෂක අංශවල ද අධීක්ෂණය යටතේයි.
එහිදී අනාවරණයව තිබුණේ, හස්තියාගේ තත්ත්වය වඩාත් බරපතල වන බවයි.