Homeදේශීයඉවුම් පිහුම් සහ ස්මාර්ට් කාණු වෙනුවෙන් සුමින්ද සහ නදීශා ලෝක ඇගයුමට

ඉවුම් පිහුම් සහ ස්මාර්ට් කාණු වෙනුවෙන් සුමින්ද සහ නදීශා ලෝක ඇගයුමට

චීනයේ යුන්නාන් සංචාරක විද්‍යාලයේ කථිකාචාර්ය සුමින්ද ලියනගේ ලෝක සූපවේදීන් සහතික කළ සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ (World Chefs Certified Culinary Educator) සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

ප්‍රංශය මූලස්ථාන කරගත් සූපවේදීන්ගේ සංගම්වල ලෝක සම්මේලනය (World Association of Chefs Societies – WACS) මගින් සූපවේදියෙකුට පිරිනමන ඉහළම සම්මානය මෙය වන අතර චීනයට ද මෙම සම්මානය හිමි වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

1928 දී ආරම්භ කරන ලද සූපවේදීන්ගේ සංගම්වල ලෝක සම්මේලනය, ලෝකයේ වඩාත්ම බලගතු සූපවේදීන්ගේ සංවිධානවලින් එකකි.

එහි ලෝක සූපවේදීන් සහතික කළ සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානය පිරිනමනු ලබන්නේ සූපශාස්ත්‍ර අධ්‍යාපන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දායකත්වයක්, වෘත්තීය කුසලතා සහ ඉගැන්වීමේ මට්ටම් ලබා දුන් අධ්‍යාපනඥයින් හඳුනා ගැනීම සඳහා යි.

මෙම සුදුසුකම් සඳහා සහතික කිරීමේ ප්‍රමිතීන් අතිශයින්ම දැඩි වන අතර, ඉගැන්වීමේ අත්දැකීම්, වෘත්තීය කුසලතා, කර්මාන්ත බලපෑම සහ සූපශාස්ත්‍ර අධ්‍යාපනයට දායකත්වය වැනි බහුවිධ මානයන් ආවරණය කරයි.

කථිකාචාර්ය සුමින්ද ලියනගේගේ පොහොසත් ඉගැන්වීමේ අත්දැකීම් සහ විශිෂ්ට ඉවුම් පිහුම් කුසලතා සමඟින්, පරීක්ෂාවට ලක් කර දැඩි ලෙස සමාලෝචනය කර මෙම ගෞරවය ඔහුට පිරිනමා ඇත.

ලෝක බුද්ධිමය දේපල පිලිබඳව ජාත්‍යන්තර සංවිධානයේ (WIPO) ගෝලීය සම්මාන උළෙලේදී Environment Start‑ups කාණ්ඩයේ පළමු ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ආචාර්ය නදීශා චන්ද්‍රසේන මහත්මිය ඇතුළු කණ්ඩායම සමත්ව තිබේ.

WIPO සම්මානය, බුද්ධිමය දේපළ පිළිබඳ නොබෙල් ත්‍යාගය වශයෙන්ද හැඳින්වෙනවා.

ආචාර්ය නදීශා චන්ද්‍රසේන මහත්මිය ඇතුළු Urban Inventors කණ්ඩායම මෙම සම්මානය දිනාගත්තේ ඔවුන් විසින් හඳුන්වාදී ඇති ස්මාර්ට් කාණු පද්ධතිය වෙනුවෙන්.

නාගරික ප්‍රදේශවල ගං වතුර වැළැක්වීම සඳහා මෙම කාණු පද්ධතිය නිර්මාණය කර තිබෙනවා.

අපද්‍රව්‍ය එක් රැස්වීමෙන් කාණු ජලය ගලා යාම අවහිර වීමට විසඳුම් ලබා දීම මෙම ස්මාර්ට් කාණු පද්ධතිය මඟින් සිදු කෙරෙනවා.

රටවල් 95 කින් ඉදිරිපත් වූ අයදුම්කරුවන් 780 කට අධික සංඛ්‍යාවක් අතරින් ඔවුන්ගේ නිර්මාණය අවසන් 10 අතරට තේරීමෙන් අනතුරුව මෙසේ පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

ආචාර්ය නදීශා චන්ද්‍රසේන විසින් හදුන්වාදුන් නාගරික කුණු කසල කළමණාකරනය පිලිබද ක්‍රමවේදය මේ වන විට ජාත්‍යන්තරය තුල අවස්ථා කිහිපයකදීම ඇගයිමට ලක්වුණා.

RELATED ARTICLES

Most Popular

Recent Comments