Homeදේශීය2026 අවසාන වන විට සියලුම ද්විතීක පාසල් සඳහා අන්තර්ජාල පහසුකම්

2026 අවසාන වන විට සියලුම ද්විතීක පාසල් සඳහා අන්තර්ජාල පහසුකම්

2026 වසර අවසාන වන විට සියලුම ද්විතීක පාසල් සඳහා අන්තර්ජාල පහසුකම් ලබාදීම අපේක්ෂිත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා.

අද පාර්ලිමේන්තුවේදී ඇය මේ බව සඳහන් කර සිටියා.

“පාසල් 1000ක සුහුරු පුවරු සහ අනෙකුත් තොරතුරු තාක්ෂණ උපකරණ ලබාදීමට යෝජනාකර තිබෙනවා. ඒ් වෙනුවෙන් කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. මේ වෙනකොට සුහුරු පුවරු 1900ක් පාසල් 1500ක් වෙත බෙදාදීමට නියමිත වෙලා තියෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලුම මට්ටම් ආවරණය වන පරිදි ජාතික අධ්‍යාපන කළමනාකරණ පද්ධතියක් සකස් කිරීමටත් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තාක්ෂණික සහාය ඇතිව ජාතික අධ්‍යාපන කළමනාකරණ පද්ධතියක් සකස් කිරීමේ මූලික වැඩකටයුතු ආරම්භ කරලා තියෙන්නේ. 2026 වසර අවසාන වන විට සියලුම ද්විතීක පාසල් සඳහා අන්තර්ජාල පහසුකම් ලබාදීම අපෙක්ෂිතයි. රුපියල් 5,000 අසීමිත දත්ත පැකේජයක් පාසල්වලට හඳුන්වා දීලා තියෙනවා.”

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments