Homeදේශීයපළාත් සභා වලටත් ලෑස්තියි

පළාත් සභා වලටත් ලෑස්තියි

අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී පළාත් සභා ඡන්ද විමසීමේ සීමා නිර්ණය කිරීම පිළිබඳව කඩිනමින් සාකච්ඡා කරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබයරත්න පැවසීය.

මහජන නියෝජිතයන්ගෙන් තොරව පළාත් සභා පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් එකඟ නොවන බවත් ඒ අනුව පළාත් පාලන ආයතනය පිහිටුවීම් සියල්ල නිමා වීමෙන් පසු පළාත් සභා ඡන්දයේ කටයුතු කඩිනමින් කරන බව ඔහු සඳහන් කළේ ය.

ප්‍රජාතන්ත්‍රවාදී ආයතන හැකි ඉක්මණින් ස්ථාපිත කරන බවත් පළාත් සභා ඡන්ද විමසීමද කල් නොදමන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

පළාත් සභා ඡන්ද විමසීමට සීමා නිර්ණයේ ගැටලු ඉක්මණින් විසඳා පළාත් සභා පිහිටුවීමට ආණ්ඩු පක්ෂය එකඟ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

සියලුම පළාත් සභා 2017 – 2019 කාලයේ විසුරුවා හැරීමෙන් පසුව ඡන්දය පැවැත්වීමට මෙතෙක් හැකියාවක් ලැබී නැත.

ඒ අනුව, සබරගමුව, නැගෙනහිර පළාත් සභා පිළිවෙළින් 2017 සැප්තැම්බර් 26, 30 නිල කාලය අවසන් වූ අතර උතුරු මැද පළාත් සභාව 2017 ඔක්තෝබර් 01ත්, මධ්‍යම, වයඹ, උතුරු පළාත් සභා පිළිවෙළින් 2018 ඔක්තෝබර් 08, 10, 24 නිල කාලය අවසන්ව ඇත.

දකුණු, බස්නාහිර පළාත් සභා පිළිවෙළින් 2019 අප්‍රේල් 09, 21 නිල කාලය අවසන්ව තිබේ.

ඌව පළාත් සභාව 2019 වසරේ ඔක්තෝබර් 08 වන දින නිල කාලය අවසන්ව ඇත.

සියලු පළාත් සභා මේ වන විට ක්‍රියාත්මක වන්නේ ජනපති නියෝජිතයා වූ ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙනි.

RELATED ARTICLES

Most Popular

Recent Comments