Homeදේශීයමෙරට හැරගිය වෛද්‍යවරුන්ට යළි සේවයට එන්න පුළුවන්

මෙරට හැරගිය වෛද්‍යවරුන්ට යළි සේවයට එන්න පුළුවන්

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ට යළි මෙරටට පැමිණ රෝහල්වල සේවය කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන මේ වනවිට ලබා දී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අවධාරණය කරයි.

එහි සභාපති විද්‍යාජෝති මහාචාර්ය වජිර දිසානායක ප්‍රකාශ කළේ මෙම නීතිමය ප්‍රතිපාදනවලට අනුව මෙරට හැර ගොස් විදෙස්ගතව සිටි විශේෂඥ වෛද්‍යවරයකු පසුගිය සතියේ යළි පැමිණ සිය රාජකාරි ආරම්භ කළ බවයි.

මෙම නීතිමය ප්‍රතිපාදන යටතේ යළි මෙරටට පැමිණ මෙරට රෝහල්වල සේවය කිරීමට විදෙස්ගතවී සිටි සියලු විශේෂඥ වෛද්‍යවරුන්ට ආරාධනා කරනා බවද සභාපතිවරයා කීය. .

ඒ සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සිය උපරිම සහයෝගය ලබාදෙන බවද එහි සභාපති විද්‍යාජෝති මහාචාර්ය වජිර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේය

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments