Homeදේශීයසාධාරණයක් ගැන විශ්වාසයක් නෑ - බොරු කියන්න එපා

සාධාරණයක් ගැන විශ්වාසයක් නෑ – බොරු කියන්න එපා

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා පිළිබඳ විමර්ශන කරන මැතිසභා කමිටුව ඉදිරියේ සාක්ෂි මෙහෙයවීම අවසන් වුණා.

කමිටුව හමුවට සහභාගි වුණ සියළු දෙනාටම ස්තුතිය පළ කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ, මෙතන ජයග්‍රහණය හෝ පරාජය පිළිබඳව ගැටලුවක් නැති බවත් ඉටුවිය යුත්තේ නීතිය පමණක් බවයි.

මෙම කමිටුවෙන් තමන්ගේ සේවාදායකයා හට සාධාරණයක් ඉටු වේවිද යන්න කිසිමදාක විශ්වාසයක් නොතිබුණු බවත් සමහර ලේඛන ඔවුන්ට ලබා නොදුන් බවත් දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසනවා.

නීතීඥවරයා සඳහන් කළේ, දේශබන්දු තෙන්නකෝන් මහතාව පෞද්ගලිකව ඉලක්ක කරමින් අපහසුතාවයට පත් කළ බවත් මාධ්‍යයක් ඉදිරියේ මෙම සිද්ධිය ඔහුට එරෙහිව පෞද්ගලික ප්‍රහාරයක් වුණ බවයි.

එබැවින් මෙම සිද්ධිය බලපාන අන්දමින් ඔවුන් වැඩි පීඩාවට පත්වුණූ බවත් සාධාරණය ඉටු වෙන්නෙ නැත්නම් කමිටුවට සහභාගි නොවී ඉමු යැයි දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවත් එය දැන දැනම කමිටුවට පැමිණි බවයි නීතීඥ සංජීව වීරවික්‍රම මහතා පවසන්නේ.

ඊට දැඩිව පිළිතුරු ලබාදෙමින් කමිටු සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන නිතීඥවරයාට කියා සිටියේ, සියලු ලේඛන සපයා ඇති බවත් මෙතෙක් කල් පැමිණ අවසානයේදී මෙලෙස බොරු ප්‍රකාශයක් නොකරන ලෙසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments