Homeදේශීයරටේ ආර්ථික බලපෑම බල හුවමාරුවකට යන්න පුළුවන්

රටේ ආර්ථික බලපෑම බල හුවමාරුවකට යන්න පුළුවන්

ලෝකය බල අරගලයක් තුළින් ගමන් කරන අවධානම් කාලයක් බවත් එම තත්ත්වය යටතේ ඉතා දුර්වල ආර්ථිකයක් හිමි අපේ රටට ඉදිරියේදී දැඩි ආර්ථික බලපෑමක් එල්ල විය හැකි බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

එය අපේ රටේ බල හුවමාරුවකට පවා තුඩු දිය හැකි බව ඔහු කියා සිටියි.

ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත විසින් රචිත “විකල්ප මඟ” කෘතිය හිටපු ජනාධිපතිවරයාට පිරිනැමූ අවස්ථාවේ පැවැති සුහද හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

කෘතිය පිරිනැමීම කෙරුණේ කොළඹ මල් පාරේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේදී ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේද කීවේය.

”මම ඉරානය පැත්තේ හිටගන්නවා”

”ඊශ්‍රාලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරය හෙලා දකිමින් මම ඉරානය පැත්තේ හිටගන්නවා. මෙම ප්‍රහාරය දියත් කළේ ඉරානය පරමාණුක බලශක්තිය සම්බන්ධයෙන් ඇමරිකාව සමග සාකච්ඡා කරමින් සිටින විටයි.

ඉරානය ශ්‍රී ලංකාවටද උදව් උපකාර කර ඇති මොහොතක වත්මන් ආණ්ඩුව ඉරානය පෙනී නොසිටීම කනගාටුවට කරුණක්.

ලෝකයේ න්‍යෂ්ටික හා ආර්ථික බලයේ ආධිපත්‍ය ඇමරිකාව ඇතුළු බටහිර කඳවුරෙන් ගිලිහී යමින් පවතිනවා. ආසියානු රටවල් අතරට එය පත්වෙමින් තිබෙනවා. රුසියාව, චීනය බලවේගයක් ලෙස මේ වන විට නැගී සිටිනවා. එම බලවේගය ඇමරිකාව ඇතුළු බටහිර රටවලට කරදරයක්.

මේ අවස්ථාවේ ඉන්දියාව අමතක කරන්නත් හොඳ නැහැ. ඇමරිකා ඩොලර් ට්‍රිලියන හතරක විදේශ සංචිතයක් ඇති ඉන්දියාව සමග අපි ගමන් කළ යුතුයි.

මෙහිදී හිටපු ජනාධිපතිවරයා වත්මන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ගැන කියමින් ඔහු විපක්ෂයේ හදවත බදු බවත් ආරක්ෂා කිරීමේ වගකීම අපි සැමට ඇති බවත් කීවේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments