Homeදේශීයතරගයේ වීරයාත්, තරගාවලියේ වීරයාත් පැතුම්

තරගයේ වීරයාත්, තරගාවලියේ වීරයාත් පැතුම්

ශ්‍රී ලංකාව විශිෂ්ට ජයග්‍රහණයක. අපි තරගාවලියත් දිනුම්ය. එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැත්වූ බංගලාදේශ – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 78කින් ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වන්නේය. මේ බංගලාදේශයට එරෙහි ටෙස්ට් තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව විසින් බංගලාදේශය ඉනිමකින් පරාජයට පත් කළ 09 වැනි අවස්ථාවය.
ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 211ක ඉලක්කයක් හඹා යමින් සිය දෙවැනි ඉනිමේ පිතිකරණයට පිවිසෙන බංගලාදේශ කණ්ඩායම මීට ස්වල්ප වෙලාවකට පෙර ලකුණු 133කට දැවී යන්නේය. දින තුන හමාරක් ගතවන්නට පෙර තරගය නිමා වී ඇත්තේය. තරගයේ වීරයා පැතුම් නිශ්ංශකය. තරගාවලියේ වීරයාත් පැතුම්ය.

මේ තරගය ශ්‍රී ලංකාව පැත්තෙන් ඉතාම සාධනීය අවස්ථා ගණනාවක් සනිටුහන් කළ බව ලියා තැබිය යුතුය. එක්ක පැතුම්ගේ පිතිකරණ ස්ථාවරය සම්බන්ධව ඇති කළ තහවුරුවය. චන්දිමාල්, කුසල් සිය අත් දැකීම් සාධනය කරගෙන දුශ්කර අවස්ථාවල් කළමනාකරණය කරගන්නා ආකාරය ය. කමිඳු සිය ටෙස්ට් ක්‍රිකට් රිද්මය ගොඩනගාගෙන තහවුරු කරගන්නා අයුරුය. තවත් වැදගත්ම කාරණාවක් වූයේ තරගාවලියේ පළමු තරගයේ දී ඉනිම දෙකේදීම එක් කඩුල්ලක් පමණක් ලබාගෙන, දෙවැනි තරගයේ මුල් ඉනිමේ දී කඩුළු නොලබා පසුබෑමකට ලක් වී සිටි ශ්‍රි ලංකා අංක 1 දඟ පන්දු යවන්නා වූ ප්‍රභාත් ජයසූරිය නැවත තියුණු කඩුළු දඩයමක යෙදෙමින් ලකුණු 56කට කඩුළු 05ක් දවා ගැනීමය.

ශ්‍රි ලංකාව සහ බංගලාදේශය අතර තරග ඉතිහාසය අවුරුදු 24ක් තෙක් ඈතට දිවෙන්නේය. දෙරට අතර පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ වර්ෂ 2001 සැප්තැම්බර් මස 6- 10 අතරය. කොළඹ SSC පිටියේ දී ය. තරගය දින 03කින් නිමා වූයේය. ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 137කින් ජයග්‍රහණය කළේය.

එදා සිට අද දක්වා ටෙස්ට් තරග 28ක් ශ්‍රි ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්විනි. බංගලාදේශය ජයග්‍රහණය කර තිබුණේ එක් තරගයක් පමණි. ඒ වර්ෂ 2017 දී ය. 2017 මාර්තු 15 සිට 19 දක්වා තරගය පැවැත්විනි. පැරදුන එම තරගය පැවැත්වූයේ පී.සරවනමුත්තු ක්‍රීඩාංගනයේ දී ය. බංගලාදේශය කඩුළු 04කින් තරගය ජයග්‍රහණය කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments